JetLag

පීඩාකාරී Jet Lag වලින් තොර සවාරියක්..


“වේලාව යනු බිත්ති මත කෙමෙන් කෙමෙන් ගලා යන්නක් නොවෙයි,

එය අප ශරීරය ඇතුළේදීත් හුස්ම ගන්නා රහසිගත රිද්මයක්..

නමුත් ඒ රිද්මය බිඳුනු කල, දවස පවා දිගු වෙයි…”

***

මේ ලිපිය, @vagabrothers යූටියුබ් චැනලයේ 14 Pro Tips to Avoid Jet Lag | Travel Hacks වීඩීයෝව ඇසුරින් සකසන ලද ලිපියකි.

Cover image credit goes to independent.co.uk

***

Jet lag… අපි හැමෝම අත්විඳිලා තියෙන, ඒත් කිසිම කෙනෙක් විඳින්න අකැමැති අත්දැකීමක්.

හීනයක් වගේ තිබුණු ගමනක් යන්න, සල්ලි ඉතිරි කරලා, ටිකට් ගන්නා වෙලාවෙ තියෙන සතුට — ගමන ගියාට පස්සේ රෑට නිදාගන්න බැරිව, දවල්ට නිදිමතෙන් ඉන්න වෙලා. මුළු ගමනම “මොනවද මේ වෙන්නේ” කියලා කේන්ති ගන්න තත්වෙකට පත්වෙනවා නම්, ඒකට වඩා අමාරු දෙයක් තවත් නැහැ.

Jet Lag පරදවමු: විඩාවකින් තොරව විදෙස් සංචාරයක් භුක්ති විඳින්නට නම්

ගුවන් ගමනකදී දැනෙන මහන්සිය එහෙමත් නැත්නම් Jet lag කියන්නේ ඕනෑම සංචාරකයෙකුට තියෙන ලොකුම හිසරදයක්. හිතන්න, ඔබ කාලයක් තිස්සේ සල්ලි එකතු කරලා හීන දැකපු සංචාරයක් යන්න සූදානම් වෙනවා. නමුත්, එහේ ගිය වෙලාවේ ඉඳන් රාත්‍රියට නින්ද නොයා ඇඳේ එහා මෙහා පෙරළෙමින්, දහවල් කාලයම නිදාගන්න වැය කරමින්, අසහනයෙන් කාලය ගත කරන්න වුණොත් කොහොමද?

අපි (මාර්කෝ සහ ඇලෙක්ස්) අද කතා කරන්නේ මේ Jet lag පරද්දලා ඔබේ සංචාරය උපරිමයෙන් භුක්ති විඳින්නේ කොහොමද කියලයි.

මොකක්ද මේ Jet Lag කියන්නේ?

සරලවම කිව්වොත්, මෙය වේගවත් ගුවන් ගමන් හරහා කාල කලාප (Time zones) කිහිපයක් පසුකර යන විට අපේ සිරුරේ අභ්‍යන්තර ඔරලෝසුව අලුත් වෙලාවට හැඩගැසීමට ගන්නා උත්සාහයයි.

  • නැගෙනහිරට පියාසර කළොත්: ඔබට නින්ද යාමට අපහසු වේ.
  • බටහිරට පියාසර කළොත්: ඔබ අලුයම ඉතා ඉක්මනින් අවදි වේ

සාමාන්‍යයෙන් එක් කාල කලාපයකට හැඩගැසීමට සිරුරට දිනකින් 2/3ක් පමණ ගත වේ. උදාහරණයක් ලෙස, ඔබ ලන්ඩනයේ සිට ෂැංහයි වෙත ගියොත් (කාල කලාප 7ක්), එයට හැඩගැසීමට දින 4ක් පමණ ගත වේ. නමුත් ලන්ඩනයේ සිට කේප් ටවුන් වෙත ගියහොත් කාලය සමාන බැවින් Jet lag ඇති නොවේ.

🌙 Jet Lag ජයගන්න පුළුවන්ද?

ඔව් පුළුවන්. ඒක කරන්න පුළුවන් සරල පියවර කිහිපයක් හරහා — ඒවගේම, මුලින්ම තේරුම් ගන්න ඕනේ අපේ body clock එක.

අපේ නිදාගැනීම, ඇහැරීම තීරණය වෙන්නේ ප්‍රධාන කරුණු දෙකකින්:

🌞 ස්වභාවික ආලෝකය සහ

🍽️ අපි කෑම කන වේලාවන්

මේ දෙක මතක තියාගෙන, පහළ තියෙන උපදෙස් අනුගමනය කළොත්, jet lag එක ඉක්මනින්ම පාලනය කරගන්න පුළුවන්.

1. ගමනට පෙර සූදානම (පියාසර කිරීමට දින 3කට පෙර)

ගමන ආරම්භ කිරීමට පෙර සිටම ඔබේ ශරීර ඔරලෝසුව වෙනස් කිරීම ආරම්භ කරන්න:

  • කල්තියා සැලසුම් කරන්න: දින 3කට පෙර සිට දිනකට පැය භාගයක් හෝ පැයක් නින්දට යන වෙලාව වෙනස් කරන්න.
  • ගමනාන්තය අනුව නින්ද හැඩගස්වා ගන්න: ඔබ නැගෙනහිරට යන්නේ නම් කලින් අවදි වන්න, බටහිරට යන්නේ නම් තව ටික වෙලාවක් නිදාගන්න.
  • තාක්ෂණයේ සහය ලබාගන්න: jetlagrooster.com වැනි වෙබ් අඩවියක් භාවිතා කර ඔබට අදාළ නින්දේ කාලසටහන සාදාගන්න.
  • සුදුසුම ගුවන් යානය තෝරා ගන්න: හැකි නම් රාත්‍රී ගුවන් ගමන් (Overnight flights) තෝරාගන්න. එමඟින් යානයේ නිදාගෙන ගමනාන්තයට උදෑසනම ළඟා විය හැකියි.

2. ගුවන් යානය තුළදී අනුගමනය කළ යුතු දේ

  • නින්ද පාලනය කරන්න: යානය තුළ LED ආලෝකය ගමනාන්තයේ වෙලාව අනුව වෙනස් වේ නම් එය අනුගමනය කරන්න. අනවශ්‍ය වෙලාවට නිදාගැනීමෙන් වළකින්න.
  • මනසින් සූදානම් වෙන්න: යානයට නැග්ග මොහොතේ සිට ඔබ ඉන්නේ ගමනාන්තයේ වෙලාවට අනුව යැයි සිතන්න.
  • අවශ්‍ය ප්‍රමාණයට දියර වර්ග ලබාගන්න: යානය තුළ වාතය වියළි නිසා විජලනය සිදුවේ. එබැවින් හොඳින් ජලය පානය කරන්න. ඔබේම වතුර බෝතලයක් ළඟ තබා ගැනීම වඩාත් සුදුසුයි.

3. ගොඩබැසීමෙන් පසු කළ යුතු දේ

  • නිදාගැනීමෙන් වළකින්න: කොතරම් මහන්සි වුණත් රාත්‍රී 9 වන තෙක් නිදා නොගෙන සිටීමට උත්සාහ කරන්න.
  • එළිමහනේ ව්‍යායාමයක යෙදෙන්න: ගොඩබැසීමෙන් පසු හැකිනම් මඳක් දුවන්න (Jogging). මෙය සිරුරට ශක්තිය දෙන අතර රාත්‍රියට හොඳ නින්දක් ලැබීමට උදවු වේ.
  • හිරු එළියට අවධානය යොමු කරන්න: ස්වාභාවික හිරු එළිය ඔබේ ශරීර ඔරලෝසුව නිවැරදි කිරීමට ප්‍රධාන සාධකයකි. හිරු උදාව හෝ බැසීම නැරඹීම විශේෂඥයන් විසින් නිර්දේශ කරනු ලබයි.

4. මද්‍යසාර, කැෆේන් සහ ආහාර පාලනය

  • මද්‍යසාර සහ කෝපි: මේ දෙකම ඔබේ නින්දේ ගුණාත්මකභාවයට හානි කරයි. එබැවින් මේවායින් වැළකී සිටීම හෝ ජෙට් ලැග් තත්ත්වය සමඟ ගැලපෙන සේ පමණක් භාවිතා කරන්න(උදා: බටහිරට ගොස් උදේ අවදි වූ විට පමණක් කෝපි බොන්න).
  • ආහාර වේල නියමිත ලෙසින් සකසා ගන්න: බඩගිනි නැතත් ගමනාන්තයේ වේලාවට අනුව ආහාර ගන්න. උදෑසන ආහාර වේල සඳහා ප්‍රෝටීන් බහුල ආහාරයක් මෙන්ම, රාත්‍රි ආහාර වේල සඳහා තෙල් අධික ආහාර මඟහැර සැහැල්ලු ආහාරයක් ලබා ගන්න.

5. අමතර උපක්‍රම

🧠 Plane එකට නගින මොහොතේම, මනසින්ම ගමනාන්තයට යන්න “මම දැන් ඒ රටේ ඉන්නේ” කියලා හිතන්න.

Coffee බොන්නද? නිදාගන්නද?

ඒක ගමනාන්තයේ වේලාවට කොහොම බලපායිද කියලා හිතලා තීරණය කරන්න.

ගමනාන්තයට ගියාට පස්සේ,

❌ “අපේ රටේ නම් මේ වෙනකොට මධ්‍ය රාත්‍රීය” කියලා හිතමින් තැවෙන්න එපා.

✅ අඳාල රටේ දේශීය වේලාවට හැඩ ගැහෙන්න උත්සාහ කරන්න.

  • යෝග ව්‍යායාම: නින්ද යාමට අපහසු නම් රාත්‍රී කාලයේදී සරල යෝග ව්‍යායාමවල නිරත වන්න.
  • මැලටොනින් (Melatonin): මෙය සිරුරේ ස්වාභාවිකව නිපදවෙන හෝමෝනයකි. නින්ද නියාමනය කිරීමට මෙය ස්වාභාවික පිළියමක් ලෙස භාවිතා කළ හැකියි. මීට අත්‍යවශ්‍ය දෑ නම් Earplugs, Eye shade සහ මැලටොනින් අඩංගු කුඩා “Anti-jet lag kit” එකක් පමණයි.

✨ Jet lag කියන්නේ ගමන විනාශ කරන සාධකයක් නොවෙයි. හරි විදිහට හසුරුවාගත්තොත්, ඒකත් ගමනේ කොටසක් වෙන්න පුළුවන්.

වේලාවත් එක්ක සටන් කරන්න එපා — ඒකට අනුගත වෙන්න ඉගෙනගන්න.

ශරීරය අලුත් රිද්මයක් හොයාගන්නා දවසේ, Jet lag කියන්නේ බාධාවක් නොවෙයි,

ඒක ගමනට එක්වෙන තවත් පාඩමක් විතරයි.”

***

(මෙම අන්තර්ගතයන් උපුටා ගන්නේ නම්, ඒ සෑම විටකදීම ceylonreader වෙබ් අඩවියේ විස්තරය සඳහන් කිරීමට කාරුණික වන්න)


Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *