සාගරයේ විස්මිත පතුල සොයා..
“අපි දන්නේ සාගරය ගැන බිඳක් පමණි; නමුත් අප නොදන්නා සාගරය මහා අගාධයක් වැනිය.”
මේ ලිපිය, @RealLifeLore යූටියුබ් චැනලයේ The Ocean is Way Deeper Than You Think වීඩීයෝව ඇසුරින් සකසන ලද ලිපියකි.
Cover image credit goes to worldanvil.com
***
අපි හැමෝම දන්නවා පෘථිවියේ හතරෙන් තුනක්ම ජලයෙන් ආවරණය වෙලා තියෙනවා කියලා. නමුත් අපිට ඇත්තටම ඒ ලෝකය ගැන දැනුම තියෙන්නේ කොච්චරද? මුහුද කියන්නේ මතුපිටින් බැලුවම ලස්සන, නිශ්ශබ්ද, නිල් පැහැති ලෝකයක් වගේ පේන එකක්. හැබැයි ඒ නිල් පැහැයට යටින් තියෙන්නේ මිනිසාගේ සිතුවිලි සීමාවන් ඉක්මවන ගැඹුරක්.
විද්‍යාඥයන් කියන අමුතු කරුණක් තියෙනවා. පෘථිවියේ තියෙන හැම මහාද්වීපයක්ම, දූපත් හැම එකක්ම එකතු කරලා මුහුදේ ගැඹුරුම ස්ථාන පුරවන්න පුළුවන් නම්, මුළු පෘථිවියම සැතපුම් දෙකක් ගැඹුරු මහා මුහුදකින් වැසී යයි කියලා.
ප්‍රමාණය තේරුම් ගන්න ටිකක් අපි මෙහෙම හිතමු.
මෙන්න පොඩි උදාහරණයක්,
මිනිසා – අපි හිතමු පොඩි බිංදුවක් කියලා
එතකොට අලි – ඒකට ටිකක් ලොකු බිංදුවක්
Knock Nevis – ලොව මෙතෙක් හදපු විශාලම නෞකාව
මේ තුනම මුහුදේ ගැඹුර එක්ක සසඳනකොට නොපෙනෙන තරම් පොඩියි.
ඒ නිසා ඒක හිතේ තියාගෙන අපි මේ මහා සාගරයේ ගැඹුරට කිමිදෙමු.
මතුපිටින් ඇරඹෙන චාරිකාව: පළමු මීටර් 500
අපේ ගමනේ පළමු සන්ධිස්ථානය වන්නේ මීටර් 40 සීමාවයි. මෙය විනෝදාත්මක කිමිදුම්කරුවන්ට (Scuba Diving) අවසර දී ඇති උපරිම ගැඹුරයි. තවත් මඳක් පහළට යන විට, මීටර් 93 දී අපට සුප්‍රසිද්ධ ‘ලුසිටානියා’ (Lusitania) නෞකාවේ සුන්බුන් හමුවේ. මෙහි ඇති විශේෂත්වය නම් එම නෞකාවේ දිග මීටර් 240ක් වීමයි. එනම්, මෙම නෞකාව එහි කෙළවරකින් කෙලින් අතට සිටුවා තිබුණේ නම්, එහි වැඩි කොටසක් මුහුදු මට්ටමෙන් ඉහළට පෙනෙන්නට තිබුණි.
මීටර් 100 සීමාව පසු කරන විට පීඩනය වැඩි වීම නිසා ශරීරයේ අභ්‍යන්තර ක්‍රියාවලීන් වෙනස් වීමට පටන් ගනී. නමුත් මීටර් 214 දී හර්බට් නිට්ස් (Herbert Nitsch) තනි හුස්මකින් කිමිදී ලෝක වාර්තාවක් තැබුවේ ඒ සියලු බාධක පරදවමිනි. මීටර් 332 දී අහමඩ් ගබර් ස්කුබා කිමිදුම් ලෝක වාර්තාව තැබීය.
ඔබ දන්නවාද? මීටර් 500 සීමාව යනු ලොව විශාලතම සත්වයා වන නිල් තල්මසාගේ උපරිම කිමිදුම් සීමාවයි. එමෙන්ම ඇමරිකානු ‘සීවුල්ෆ්’ (Seawolf) පන්තියේ න්‍යෂ්ටික සබ්මැරීන ගමන් කරන්නේද මෙම මට්ටමේය.
අඳුරේ රාජධානිය: මීටර් 1,000 සිට 3,000 දක්වා
මීටර් 830 සීමාව පසු කරන විට ඔබ සිටින්නේ ලොව උසම ගොඩනැගිල්ල වන බර්ජ් කලීෆා (Burj Khalifa) එකටත් වඩා ගැඹුරිනි. මීටර් 1,000 සීමාව පසු වූ සැණින් ඔබ පිවිසෙන්නේ “භයානක කලාපයට” (Scary Zone) ය. මෙතැන් සිට හිරු එළිය කිසිසේත්ම පතිත නොවන අතර මුළු සාගරයම පවතින්නේ දැඩි අඳුරකිනි. මෙහි ජල පීඩනය සිකුරු ග්‍රහයාගේ මතුපිට පීඩනයට සමාන වේ.
මුහුදේ භයංකාර සත්වයෝ:
මීටර් 2,000 දී අපට හමුවන්නේ විස්මිත සත්වයෙකි. ඒ ‘බ්ලැක් ඩ්‍රැගන්ෆිෂ්’ (Black Dragonfish) ය. මෙම සත්වයාගේ බඩ ඇතුළතින් ආලෝකය පිටතට නොඑන පරිදි සකස් වී ඇත. තවත් මඳක් ගැඹුරට යන විට, එනම් මීටර් 2,250 දී දැවැන්ත දැල්ලා (Collosal Squid) හමුවේ. උන්ගේ ඇස් රාත්‍රී ආහාර ගන්නා පිඟානක් තරම් විශාල වන අතර, බූවල්ලාගේ අඬුවල දැලි පිහියක් වැනි මාරාන්තික ආයුධ පිහිටා ඇත. ස්පර්ම් තල්මසුන් (Sperm Whales) මෙම ගැඹුරට පැමිණෙන්නේ මේ දැවැන්ත ස්ක්විඩ් සතුන් සමඟ සටන් වැදීමටයි.
“අඳුරේ ජීවත් වෙන්නේ භීතිය නෙවෙයි, අනුවර්තනය යි.”
අගාධයේ පතුල සොයා: ටයිටැනික් සහ හාඩල් කලාපය
මීටර් 3,800 යනු ලොව සුප්‍රසිද්ධ ‘ටයිටැනික්’ නෞකාව සැතපී සිටින ගැඹුරයි. මෙතැන් සිට ඇරඹෙන්නේ ‘ආගාධ කලාපය(Abyssal Zone) යි. මෙහි පීඩනය වර්ග අඟලකට රාත්තල් 11,000 කි. මෙවන් පීඩනයක් යටතේ වුවද ඇන්ග්ලර්ෆිෂ් (Anglerfish) වැනි අමුතු පෙනුමක් ඇති මසුන් ජීවත් වේ.
මීටර් 6,000 දී ආරම්භ වන්නේ ‘හීඩල් කලාපය’ (Hedal Zone) යි. මෙය නම් කර ඇත්තේ ග්‍රීක පුරාණෝක්තිවල එන අපායට අධිපති ‘හීඩීස්’ (Hedees) ගේ නමිනි. මෙහි පීඩනය මතුපිට පීඩනය මෙන් 1,100 ගුණයකි. එය හරියට තැපැල් මුද්දරයක් මත ඇතෙකු සමබරව සිටගෙන සිටිනවා වැනි අධික පීඩනයකි. මෙහිදී කිසිදු ආරක්ෂාවක් නොමැතිව සිටින මිනිසෙකු තත්පරයකින් කුඩු පට්ටම් වී යනු ඇත.
එවරස්ට් පරදන ගැඹුර:
ලොව උසම කන්ද වන එවරස්ට් කන්ද (මීටර් 8,848) යටිකුරු කර සාගරය තුළට දැමුවත්, එහි මුදුන සාගර පතුලේ වැදීමට තවත් මීටර් දෙදහසකට වඩා ඉතිරි වේ. 1960 දී ඩොන් වොල්ෂ් සහ ජැක් පිකාඩ් ‘ට්‍රයිස්ටේ’ (Trieste) සබ්මැරීනයෙන් මීටර් 10,916ක් ගැඹුරට ගියහ. එය කෙතරම් ගැඹුරක්ද යත්, සාමාන්‍ය මගී ගුවන් යානයක් පියාසර කරන උසට එය සමානය.
අවසානයේ, අපට හමුවන ගැඹුරුම ස්ථානය වන්නේ ‘චැලෙන්ජර් ඩීප්’ (Challenger Deep) ය. එය මීටර් 10,994ක් ගැඹුරුය.
“මුහුදේ ගැඹුර මිනිසාට පෙන්වන දේ එකයි – අපි තවමත් නොදන්නා දේ බොහෝයි.”
අවසානයක් නැති අබිරහස:
“අප තවමත් හඳුනාගෙන ඇත්තේ සාගර පතුලෙන් 5%ක් පමණි. ඉතිරි 95%ම තවමත් නොවිසඳුණු අබිරහසකි.”
“අද අපි දන්නා ගැඹුරුම තැන Challenger Deep වුවත්, කාලයත් තාක්ෂණයත් එකට ගලාගෙන යද්දී, ඒකටත් වඩා ගැඹුරු රහස් හෙළි වීමට ඉඩ තිබේ. 1997 දී Sirena Deep හමුවෙන තෙක්, ගැඹුර කියන්නේ සීමිත දෙයක් කියා අප සිතාවී. නමුත් සාගරය අදත් පෘථිවියේ අවසන් මායිම වශයෙන් නිහතමානීව අපි දෙස බලා ඉන්නවා. අපි අභ්‍යවකාශය සොයන අතර, අපිට ඉතා ආසන්නවම තිබෙන මේ ගැඹුරු ලෝකය අපි අමතක කරලා තියෙන එක පුදුමයට කරුණක්.”
“අපි මුහුදේ ගැඹුරට බයවෙන්න ඕනී නෑ. මුහුදේ ගැඹුර අපිට කියලා දෙන දෙයක් තියෙනවා, ඒ තමයි අපි තවත් ගැඹුරට යන්න ඕනී කියන එක, හරියට අපේ ජීවිතේ හැමදෙයක්ම වගේ. ජීවීතේ දේවල් තියෙන්නේ ඉගෙන ගන්න මිසක් බයවෙන්න නෙවෙයි.
“The ocean doesn’t scare us with its depth; it teaches us to go deeper. Just like everything in our life, things in life are meant to be learned, not feared.”
***
(මෙම අන්තර්ගතයන් උපුටා ගන්නේ නම්, ඒ සෑම විටකදීම ceylonreader වෙබ් අඩවියේ විස්තරය සඳහන් කිරීමට කාරුණික වන්න)
