Steve Jobs : අද දවස ජීවිතේ අන්තිම දවස වුනොත්!
මේ ලිපිය, ඔහු විසින් ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සිදු කරන ලද දේශනය ඇසුරින් සකසන ලද ලිපියකි.
Cover image credit goes to independent.co.uk
***
“අද දවස ජීවිතේ අන්තිම දවස වුනොත්, ඔයා අදට කරන්න තියෙන දේ කරනවද?”
අපි ජීවිතේ බොහෝ වෙලාවට ජීවත් වෙන්නේ අභ්‍යාසයක් වගේ. උදේ නැගිටිනවා, වැඩට යනවා, ලෝකය කියන මගට ගලපනවා. නමුත් ඉහතකී ප්‍රශ්නය අපිව නවත්තලා හිතන්න බල කරනවා. අද දවසම අන්තිම එක නම්, ඔයා අද දවස ජීවිතේ අන්තිම දවස වුනොත්, ඔයා අදට කරන්න තියෙන දේ කරනවද?
Stanford University හි උපාධි ප්‍රදාන උත්සවයකදී, Steve Jobs මේ ප්‍රශ්නයෙන්ම තරුණයන්ගේ සිත් අවදි කරා. ලෝකය වෙනස් කළ මිනිසෙක්, නමුත් ඔහුගේ ජීවිතය කිසිසේත්ම perfect plan එකක් නම් නෙවෙයි.
“Your time is limited, so don’t waste it living someone else’s life.” – Steve Jobs
ජීවිතේ අපි හැමෝම අහන ප්‍රශ්නයක් තියෙනවා.
“මේ මං කරන දේ හරිද?”
“මේ මං යන පාර මගේමද?”
අපි වැඩි වෙලාවක් ජීවත් වෙන්නේ අනිත් අයගේ බලාපොරොත්තු, සමාජයේ සම්මතයන්, සහ safe path කියන නාමයෙන් හදපු සීමාවන් ඇතුළත. ඒ අතරේ අපේම හඬ — හදවතේ හඬ — හෙමින් හෙමින් නිශ්ශබ්ද වෙලා යනවා.
ඒත් Stanford University එකේ graduation stage එකට නැගපු Steve Jobs ලෝකයට මතක් කරලා දුන්නෙ එකම එක සරල දෙයක්, සාර්ථකත්වය කියන්නේ degree එකක්වත්, title එකක්වත්, salary figure එකක්වත් නෙවෙයි.
“සාර්ථකත්වය කියන්නේ ඔබේ ජීවිතේ ඔබට ඇත්තටම අර්ථවත් වෙන දේ හොයාගැනීම.”
College graduate කෙනෙක් නොවූ, තමන් පටන්ගත්ත company එකෙන් fire වුණු, මරණය දැස් ඉදිරියේ දැකපු මිනිසෙක්,
අදටත් ලෝකය inspire කරන පාඩම් 3ක් අපිට දීලා ගියා.
ඒ කතා 3ම එකම දේ කියනවා.
“ඔබ ඔබේම මාර්ගය විශ්වාස කරන්න ඕනේ.”
ලෝකය වෙනස් කරන්න පුළුවන් කියලා විශ්වාස කරන අය තමයි ඇත්තටම ඒක කරන අය.” – Steve Jobs
මේ කතාව Stanford University කියන ලොකු විශ්වවිද්‍යාලයකින් ආරම්භ වෙනවා.
මේ වසරේ Stanford උත්සවයේ ප්‍රධාන කථිකයා වෙන්න ලැබුණේ Apple සහ Pixar කියන ලෝකප්‍රසිද්ධ සමාගම් දෙකම හදපු Steve Jobsටයි. Stanford විශ්වවිද්‍යාලය හැම වෙලාවෙම අලුත් මාර්ග හොයාගෙන, නිර්භීතව ඉදිරියට යන තැනක්. ඒ වගේම තමයි Steve Jobs කියන්නෙත්. Steve Jobs පොඩි කාලෙ ජීවත් වුණේ Los Altos කියන California නගරේ. ඒ වෙලාවේ Silicon Valley කියන තාක්ෂණික ලෝකයත් එක්කම ඔහුත් ලොකු වෙලා. පාසල් යන කාලෙම ඔහු Stanford සහ Hewlett-Packard (HP) වල දේශන අහන්න ගියා. ගිම්හාන නිවාඩුවේදී Hewlett-Packard සමාගමට ගිහින් වැඩත් කළා.
උසස් පාසල ඉවර කරලා ඔහු Reed College එකට ගියා. ඉන් පස්සේ ඔහු ඉන්දියාවට ගමන් කළා. නැවත ආපු වෙලාවේ Atari කියන game හදන සමාගමක කෙටි කාලයක් වැඩ කරලා, 1974 දී ආයෙම Silicon Valley එකට ආවා.
“The people who are crazy enough to think they can change the world are the ones who do” – Steve Jobs
ලෝකය වෙනස් කළ නවෝත්පාදන නායකයන් අතර Steve Jobs නම විශේෂයි. ඔහුගේ ජීවිතය, user-friendly නිර්මාණ, දූරදර්ශීත්වය සහ තාක්ෂණික නවෝත්පාදන යන ක්ෂේත්‍ර තුළින් ලෝකයට විශාල දායකත්වයක් ලබාදීලා තියෙනවා.
Stanford Linear Accelerator Center හි පැවැත්වූ Homebrew Computer Club හමුවීම්වල නිතර සහභාගී වූ Jobs, Steve Wozniak සමඟ එක්ව, ඉක්මනින්ම Apple I පරිගණකයේ මුල් prototype එක නිර්මාණය කළේය. එය එතැනදී විප්ලවීය පියවරක් වූ නමුත්, අද අප භාවිතා කරන පරිගණක වේගයන්ට සාපේක්ෂව මන්දගාමී විය. Kilobytes 4ක් කියවීම හා ලිවීම සඳහා තත්පර 20ක් පමණ කාලයක් ගත විය.
ඊට පසු හඳුන්වා දුන් Apple II, පෙර මාදිලියට වඩා වේගවත් වූ අතර, ගෘහ භාවිතය සඳහා වර්ණ monitor හඳුන්වා දීමත් සමඟ පරිගණක ලෝකයේ නව අදියරක් ආරම්භ විය. මෙම නවෝත්පාදනය තුලින්, පරිගණක භාවිතය සෑම ගෘහ මූලික පරිශීලකයෙකුටම පහසු කළේය.
1980 දශක මැදදී හඳුන්වා දුන් Macintosh, සැබවින්ම පරිශීලක හිතකාමී පළමු පුද්ගලික පරිගණකය විය. Mouse එක හරහා point-and-click ක්‍රමය හඳුන්වා දීම, software load කිරීම සහ applications අතර තොරතුරු හුවමාරු කිරීම පහසු කළ අතර, පරිගණක දැනුම සෑම කෙනෙකුටම ලඟා විය.
Steve Jobsගේ නවෝත්පාදන හැකියාව, දූරදර්ශීත්වය සහ නිර්භීතව සිතුවිලි හෙළි කිරීම, ලෝකයට විශාල ආලෝකයක් ලබාදී තිබේ. එබැවින් ඔහුගේ ජීවිතයෙන් නිර්භීත සිතුවිලි තුළින් නව මාවත් සොයා යාම, සහ තාක්ෂණයෙන් ලෝකය වෙනස් කළ හැකි බව විශ්වාස කිරීම ආදී පාඩම් අපට උගන්වයි.
“මට තවමත් මතකයි, ඒ දින පරිගණකය දුටු ජනතාවගේ ඇස් විවෘතව තිබූ ආකාරය.”
එම පරිගණකය එදා සිටි සාමාන්‍ය පරිගණකවලින් සම්පූර්ණයෙන්ම වෙනස් වූ පරිගණකයක් විය. Steve Jobs යනු තාක්ෂණය සහ කලාව එකට මුසු කළ අපූරු නිර්මාණකරුවෙකි. ඔහු Pixar හරහා Toy Story වැනි චිත්‍රපට නිපදවමින් සිනමා ලෝකය වෙනස් කළා සේම, Apple වෙත නැවත පැමිණ iPod සහ iTunes හරහා අප සංගීතයට සවන්දෙන ආකාරයත්, iPhoto සහ iMovie හරහා සාමාන්‍ය පරිශීලකයාට වෘත්තීය මට්ටමේ සංස්කරණ හැකියාවන් ලැබෙන ආකාරයත් වෙනස් කළේය. Apple හි සාර්ථකත්වයේ රහස වූයේ ඔවුන්ගේ සුවිශේෂී Innovative Image එකයි. 1976 දී නිව්ටන්ගේ රූපය යොදාගනිමින් කළ “Bite into an Apple” ප්‍රචාරණයේ සිට, 1984 දී මැකින්ටොෂ් පරිගණකයේ ආගමනයත් සමඟ ලෝකය නිදහස් වන බව පැවසූ අමරණීය “1984 Super Bowl” දැන්වීම දක්වා, Jobs සැමවිටම උත්සාහ කළේ තාක්ෂණයට වඩා මිනිසුන්ගේ අත්දැකීම් සහ නවෝත්පාදනය අලෙවි කිරීමටයි. මෙම Out of the box චින්තනය නිසාම Apple අදටත් ලෝකයේ අසමසම සන්නාමයක් බවට පත්ව තිබේ.
Think Different : අධ්‍යාපනය සහ නවෝත්පාදනයේ ඇපල් දැක්ම
90 දශකයේ අගභාගයේදී Pablo Picasso, Albert Einstein සහ Mahatma Gandhi වැනි ශ්‍රේෂ්ඨ චරිත යොදාගනිමින් Apple දියත් කළ Think Different ප්‍රවර්ධන ප්‍රයත්නය තුලදී ලෝකයට කියා දුන්නේ නිර්මාණශීලීත්වයේ රහස වෙනස් විදිහට සිතීම බවයි. Steve Jobs සැමවිටම විශ්වාස කළේ අධ්‍යාපනයට ලෝකය වෙනස් කළ හැකි බවයි. ඒ නිසාම ඔහු ආරම්භයේ සිටම පාසල් පද්ධතිය තුළට පරිගණක තාක්ෂණය ගෙනයෑමට කැපවුණා. ලේලන්ඩ් ස්ටැන්ෆර්ඩ් (Leland Stanford) වසර 100කට පෙර පැවසූ පරිදි, ජීවිතයේ සාර්ථකත්වය සඳහා තාක්ෂණික දැනුම මෙන්ම Imagination හෙවත් පරිකල්පනය වර්ධනය කිරීම අත්‍යවශ්‍ය බව Jobs හොඳින්ම තේරුම් ගත්තා. ඔහු දශක තුනක් පුරා ගුරුවරුන් සහ සිසුන් සමඟ අත්වැල් බැඳගනිමින්, තාක්ෂණය හරහා දැනුම ලබාගැනීමේ මාවත සෑම වයස් කාණ්ඩයකම ඉගෙන ගන්නන් වෙනුවෙන් විවෘත කිරීමට කටයුතු කළා.
“Keep looking. Don’t settle.” – Steve Jobs
Steve Jobs තේරුම්ගෙන සිටියේ, පරිගණකය තාක්ෂණික පැතිකඩෙන් ශක්තිමත් මෙවලමක් වුවද, එහි සත්‍ය වශයෙන්ම පරිශීලකයාගේ සිතුවිලි සහ නිර්මාණශීලීත්වය මතුකරලීමට මනා හැකියාවක් පවතින්නක් බවයි. 1997 දී The New York Times සමඟ කථාබහකදී ඔහු පැහැදිලි කළේ,
“Macintosh සාර්ථක වීමට හේතුව වූයේ එහි වැඩ කළ පිරිසට ගායකයින්, ශිල්පීන්, කවීන් සහ ඉතිහාසඥයන් සිටීමයි; ඒ අතරම ඔවුන් විශිෂ්ට පරිගණක විද්‍යාඥයන්ද විය.”
ඔහුගේ දැක්ම අනුව, නවෝත්පාදනය වෙනස් ලෙස සිතීමෙන් ආරම්භ වන අතර, නිර්මාණශීලී සහ හැකියාවන් ඇති පුද්ගලයන් සමඟ වැඩ කිරීම මඟින් ලෝකය වෙනස් කළ හැකිය.
Innovation ගැන ව්‍යාපාරිකයෙකු අසද්දී ඔහු ලබාදුන් පිළිතුර ඉතාම සරල විය:
“Hire those who create the best things.”
ස්ටීව් ජොබ්ස් යනු ඕනෑම විද්‍යායතනයක මූලික අරමුණ වන නිර්මාණශීලී පරිකල්පනය සහ අභිප්‍රේරණය යන ගුණාංග දෙකම එකට කැටි වූ සුවිශේෂී පෞරුෂයකි.
Steve Jobs, Stanford University උපාධි ප්‍රදාන උත්සවයේදී, ජීවිතයේ වැදගත් කථා තුනක් පාඨකයින් සමඟ බෙදාගත්තේය. ඔහුගේ කථා තුන, ජීවිතයේ තීරණ, අසාර්ථකත්වය, ආදරය සහ මරණය පිළිබඳ ගැඹුරු පාඩම් ගැනයි.
පළවෙනි කතාව – ජීවිතයේ dots එකතු වෙන විදිය
Steve Jobs කලාපුරය හරිම අමුතු විදියට පටන් ගන්නවා. ඔහු විශ්වවිද්‍යාලය අතහැර දමනවා. Reed College වල ඉගෙන ගත්තත්, ඔහුට ඒකෙන් තම ජීවිතයට වටිනාකමක් තියෙනවා කියලා දැනෙන්නෙ නෑ. දෙමව්පියන්ගේ සම්පූර්ණ ජීවිතයම ඉතුරු කරපු සල්ලි ඔහුගේ tuition එකට වැය වෙනවා. ඒ නිසා ඔහු හිතනවා –
“මේක හරියටම මගේ මාර්ගයද?”
විශ්වවිද්‍යාලය හැරීමෙන් පසු ඔහුට නිදාගන්න dorm room එකක්වත් නෑ. යාලුවන්ගේ කාමර වල බිම නිදාගන්නවා. Coke බෝතල් ආපහු දීලා ලැබෙන සල්ලි වලින් කෑම ගන්නවා. නමුත් ඒ අතරතුර ඔහුට ලැබෙන දෙයක් තියෙනවා – නිදහස.
ඒ නිදහසෙන් ඔහු calligraphy class එකකට යනවා. ඒක ඔහුගේ degree එකට අවශ්‍ය දෙයක් නෙවෙයි. නමුත් අකුරු, typography, design ගැන ඔහු සිතන්න පටන් ගන්නවා.
වසර 10කට පස්සේ, Macintosh computer එක හදනකොට, ඒ calligraphy class එකේ ඉගෙනගත්ත දේවල් තමයි ලෝකයේ පළවෙනි beautiful fonts තියෙන computer එක හදන්න හේතුව වෙන්නෙ.
Steve Jobs කියනවා:
“අනාගතය බලලා dots connect කරන්න බැහැ. ඒවා connect වෙන්නෙ පස්සෙන් බලද්දී. ඒ නිසා ජීවිතය විශ්වාස කරන්න.”
දෙවෙනි කතාව – ආදරය සහ අහිමිවීම
Steve Jobs තමන් ආදරේ කරපු දේ ඉක්මනින්ම හොයාගන්නවා – ඒ තමයි technology සහ creation. වයස 20 දී garage එකක Apple සමාගම පටන් ගන්නවා. අවුරුදු 10ක් ඇතුළත Apple සමාගම, බිලියන 2ක් වටිනා සමාගමක් වෙනවා.
ඒත්… ඔහුට තමන් පටන් ගත්ත company එකෙන්ම job එක අහිමි වෙනවා.
වයස අවුරුදු 30දී Steve ව, ප්‍රසිද්ධියේ සේවයෙන් පහ කරනවා,
ඒ මොහොත ඔහුගේ ජීවිතේ අඳුරුම කාලයක්. නමුත් ඒ අඳුරු කාලයම තමයි ඔහුගේ ජීවිතේ හොඳම turning point එක වෙන්නෙ. Apple අහිමි වුනත්, ඔහුගේ ආදරය අහිමි වෙන්නේ නෑ.
ඒ නිසා ඔහු NeXT සහ Pixar සමාගම් පටන් ගන්නවා. Pixar සමාගම ලෝකයේ පළවෙනි computer-animated movie එක – Toy Story නිර්මාණය කරනවා.
අවසානයේ, Apple නැවත NeXT සමාගම මිලදී ගන්නවා. Steve Jobs නැවත Apple සමාගමට එනවා. ඔහුගේ ජීවිතේ වැටුන තැනම ඔහු නැවත නැඟිටිනවා.
ඔහු එතනදී අපිට කියනවා:
“ඔයා ආදරේ කරන දේ හොයාගන්න. ඒක හම්බවෙනකල් නවත්වන්න එපා.”
තුන්වෙනි කතාව – මරණය
Steve Jobs දවසක් දැනගන්නවා – ඔහුට pancreatic cancer එකක් කියලා.
Doctorලා කියනවා – “ඇත්ත වශයෙන්ම , මාස 3ක් හෝ 6ක් වගේ තමයි ඔයාට තව ජීවත් වෙන්න තියෙන්නේ කියලා.”
ඒ දවස ඔහුට ඔහුගේ ජීවිතේ අගය තේරෙන දවසක්. ගෞරවය, බය, ලෝකයේ මිනිස්සු හිතන දේවල් — ඒ සියල්ල අත්හැරෙන්නෙ මරණය මතක් වුණාම.
පසුව ඒ cancer එක surgery එකකින් සුව වෙනවා. නමුත් ඔහුට ලැබෙන පාඩම සදාකාලිකයි.
“ඔයාගේ කාලය සීමිතයි. අනෙක් අයගේ ජීවිතය ජීවත් කරමින් එය වියදම් කරන්න එපා.”
Steve Jobs අවසානයේ කියා සිටියේ:
ඔබේ ජීවිතය සීමිතයි. හැමදාම උනන්දුවෙන්, ආශාවෙන්, නව දේවල් අධ්‍යයනය කරන්න. බිය නොවී, අසීමාන්තිකව නව සිතුවිලි හා හැකියාවන් අත්හදා බලන්න. නොබියව ඔබේ හදවත අනුගමනය කරන්න, සහ හැම විටම ආසාවෙන් ජීවත් වන්න.
“අවසානයේ ස්ටීව් ජොබ්ස් අපට මතක් කරන්නේ: සැමදාම උනන්දුවෙන් සිටින්න, අලුත් දෙයක් උත්සාහ කිරීමට බිය නොවන්න.”
(Stay hungry, stay foolish.)

(මෙම අන්තර්ගතයන් උපුටා ගන්නේ නම්, ඒ සෑම විටකදීම ceylonreader වෙබ් අඩවියේ විස්තරය සඳහන් කිරීමට කාරුණික වන්න)
