එක්දින නායකත්වයෙන් ඉවත් කළ දිමුත්ගේ ෆේස්බුක් සටහන

රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් දිමුත් කරුණාරත්න මේ වන විටත් ඉවත් කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

33 හැවිරිදි දිමුත් කරුණාරත්න 2019 වසරේදී ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම නායකත්වයට පත්විය.

ඒ ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ 23 වන නායකයා ලෙසය.

2019 වසරේදී එංගලන්තයේ පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන්නේ ඔහුගේ නායකත්වය යටතේය.

කෙසේ වෙතත් දිමුත් මේ දක්වා එක්දින තරග 17කදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදී ඇති අතර ඉන් තරග 10ක් ජය ගැනීමට සමත්ව තිබේ.

ඔහුගේ නායකත්වය යටතේ පරාජය වු එක්දින තරග සංඛ්‍යාව 7කි.

කෙසේ වෙතත් දිමුත් කරුණාරත්න ඊයේ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ, “සහාය දුන් සැමට ස්තූතියි” යන්නය.

මේ අතර දිමුත්ගෙන් ඉවත්ව ඇති ශ්‍රී ලංකා එක්දින නායකත්වය කුසල් ජනිත් පෙරේරාට හිමි වීමට වැඩි ඉඩක් පවතින බවද අප ඊයේ තොරතුරු වාර්තා කළේය.

එමෙන්ම බංග්ලාදේශ තරගාවලිය සඳහා නම් කිරීමට නියමිත එක්දින සංචිතය පිළිබඳ ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු වන රසල් අර්නොල්ඩ් ද සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් තර තිබුණේ නව තේරීම් කමිටුවේ චින්තනයට තමන් කැමැති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *