Day: May 10, 2021

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට සහභාගී වූ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් ශ්‍රී ලංකාව ට ?

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියට සහභාගී වූ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් ව සහ පුහුණුකරුවන් ව ශ්‍රී ලංකාවේ හෝ මාලදිවයිනේ රඳවා තැබීමට ඇති හැකියාව පිළිබඳව සොයාබලමින් සිටින බව වාර්තා වේ. එම සැලැස්ම ඔස්ට්‍රේලියානු සහ ඉන්දීය ක්‍රිකට් බලධාරීන් විසින් ක්‍රියාවට නැංවීමට නියමිත බව සඳහන් වේ. එවැනි තීරණයක් ගෙන ඇත්තේ මේ වනවිට “පසුගිය සති දෙක තුළ […]

මිල්කා ගෙහානි ‘2020 ටෝකියෝ ඔලිම්පික්’ වරම් ලබයි

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කරන දෙවන ශ්‍රී ලාංකිකයා බවට ක්‍රීඩිකා මිල්කා ගෙහානි ද සිල්වා පත්ව තිබේ. ඒ අනුව ඇය Artistic Gymnast ඉසව්වෙන් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කරනු ඇත.

IPL ගිය මහේලට ලංකාවට ඒමට නොහැකි වෙයි

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මාලදිවයිනේදී නිරෝධායනයට ලක්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. කොවිඩ් ව්‍යාප්තිය හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට පසුගියදා තීරණය කෙරුණි. ඒ අනුව ඊට සහභාගී වී සිටින විදෙස් ක්‍රීඩකයන් සහ කාර්ය මණ්ඩල […]

උෂාන් තිවංකගෙන් නව දකුණු ආසියානු වාර්තාවක්

පිරිමි උස පැනීමේ ඉසව්වේ ජාතික වාර්තාව නැවත වරක් අලුත් කිරීමට උෂාන් තිවංක සමත්ව තිබේ. අමෙරිකාවේ ටෙක්සාස් හි පැවැති මලල ක්‍රීඩා තරඟාවලියක දී ඔහු එම දක්ෂතාවය දැක්වීමට සමත්විය. අමෙරිකාවේ වාසය කරන ශ්‍රී ලංකා උස පැනීමේ ක්‍රීඩක උෂාන් තිවංක අමෙරිකාවේ ටෙක්සාස් හි පැවැති මලල ක්‍රීඩා තරඟාවලිය දී නැවතත් උස පැනීමේ ඉසව්වෙන් නව […]

එක්දින කණ්ඩායමේ නායකත්වය කුසල් ජනිත්ට, උප නායකත්වය කුසල් මෙන්ඩිස්ට

බංග්ලාදේශ එක්දින තරඟාවලිය සඳහා 18 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමුකර තිබේ. එම කණ්ඩායමේ නායකත්වයට කුසල් ජනිත් පෙරේරා සහ උප නායකත්වයට කුසල් මෙන්ඩිස් පත්කර ඇති බව වාර්තා වේ. අනුමැතිය සඳහා යොමුකළ එම සංචිතය සඳහා නව ක්‍රීඩකයන් සිව් දෙනෙකු ඇතුළත් වන බවත් යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීම හේතුවෙන් […]

එක්දින නායකත්වයෙන් ඉවත් කළ දිමුත්ගේ ෆේස්බුක් සටහන

රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් දිමුත් කරුණාරත්න මේ වන විටත් ඉවත් කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි. 33 හැවිරිදි දිමුත් කරුණාරත්න 2019 වසරේදී ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම නායකත්වයට පත්විය. ඒ ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ 23 වන නායකයා ලෙසය. 2019 වසරේදී එංගලන්තයේ පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා […]

තවත් කොවිඩ් ආසාදිත ගර්භණී කාන්තාවක් මරුට

කොවිඩ් -19 වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් ගර්භණී කාන්තාවක් ඊයේ (09) ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ දි මියගොස් ඇති බව වාර්තා වේ. සිය පළමු දරු උපත සඳහා සුදානම්ව සිටි 45 හැවිරිදි අදාළ කාන්තාව අකුරැස්ස විල්පිට පදිංචිකාරියක් වන අතර ඇය කොළඹ  ප්‍රදේශයේ රැකියාවේ නිරතව සිට ඇති බව වාර්තා වේ. ඇය […]

කොරෝනා නිවුමෝනියාවට ඖෂධයක් හැදූ බව ‘අංගම්පොර වෙද ගෙදර’ නිවේදනය කරයි.. බෙහෙත ගන්න ජනතාව මහා පෝලිම්වල…

කොරෝනා ආසාදනය විමත් සමග වැලඳෙන නිව්මෝනියාව 95% කින් සමනය වන ඖෂධයක් සොයා ගත්තේ යැයි කටුවන ප්‍රදේශයේ ‘අංගම්පොර වෙද ගෙදර’ විසින් නිවේදනය කර ඇත. සමාජ ජාල ඔස්සේ එම ප්‍රචාරය සිදු කිරීමත් සමග අදාළ ඖෂධ ලබා ගැනීමට විශාල ජනතාවක් එහි පැමිණෙමින් සිටිති. අදාළ ඖෂධය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය බෙහෙත් ලබා දෙන අයට කිසිදු […]

බි‍්‍රතාන්‍ය කොරෝනා ප‍්‍රභේදය ආවේ යුක්රේන සංචාරක බුබුලෙන්.. ලොව භායානකම ප‍්‍රභේද හතරෙන් තුනක්ම ලංකාවෙන් හමුවේ..

ලංකාවට බ්‍රිතාන්‍ය කොරෝනා ප්‍රභේදය ඇතුළු වූයේ මෑත කාලයේදී සංචාරක බුබුළු යැයි කියමින් මෙරටට ගෙන්වූ යුක්‍රේන හා වෙනත් රටවල සංචාරකයින් හරහා බව පැහැදිලිවම කිව හැකි යැයි වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි. එය එසේ නොවේ නම් මෙම ප්‍රභේදය රටට ඇතුළු වූයේ කෙසේ දැයි රජය විසින් හෙළි කළ යුතු බවද එම සංගමයේ […]

වෙලදපලේ ඔක්සිජන් නෑ.. සියල්ල මිලට ගෙන අවසන්.. රටම දැඩි අනතුරක..- හෝමාගම ප්‍රධාන කායික රෝග විශේෂඥ හෙලි කරයි..

ඉන්දියානු කොරෝනා ප‍්‍රභේදය දරුණුම මාරාන්තික සහ ඉහළ අවදානම් සහිත ප්‍රභේදය බව හෝමාගම කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රධාන කායික රෝග විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ මහතා සඳහන් කරයි. මෙම ප්‍රභේදය රට පුරාම ව්‍යාප්ත වී ඇතැයිද පවසන ඔහු ඉන් රටම දැඩි අනතුරක බවද කියා සිටියේය. අද වන විට හෝමාගම රෝහලේ ඇඳන් කිසිවක් නැති බවත් […]