”20 පිළිගත නොහැකි කරුණු තියනවා” – පොහොට්ටු මන්ත්‍රී කියයි

20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ රටට අවශ්‍ය නොවන කරුණු කිහිපයක් අඩංගු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසනවා.

ද්විත්ව පුරවැසියන්ට මහජන නියෝජිතයින් ලෙස පත්වීමට පනවා ඇති සීමා ඉවත් කිරීම සුදුසු නොවන යෝජනාවක් බව ඔහු කියා සිටියි.

පිළිගත නොහැකි සහ අඩුපාඩු සහිත තවත් කරුණු කිහිපයක් විසි වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ අඩංගු බව ද ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා පවසයි.

“පසුගිය අවුරුදු 05 පුරා ගෙනාපු රටට හානිකර විවිධ අණ පනත්වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ඒ අණ පනත්වල තියෙන ව්‍යවස්ථානුකූලභාවය ගැන ප්‍රශ්න කිරීමට ලැබී තිබූ අවකාශය අපිට විශාල ශක්තියක් වුණා. එතකොට අපිට ආධාර උපකාර වෙච්ච ව්‍යවස්ථා ප්‍රතිපාදන වෙනස් කරන්න කටයුතු කරනවා නම් ඒ ගැන ගැඹුරින් අවධානය යොමු කරන්න අවශ්‍යයි.” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.

The Leader

91 Comments

1 Trackback / Pingback

  1. ”20 පිළිගත නොහැකි කරුණු තියනවා” – පොහොට්ටු මන්ත්‍රී කියයි - TOPnews.LK

Leave a Reply

Your email address will not be published.