සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අංශ තුනකට තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට විශේෂ දිනයක්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අංශ 03ක සේවක සේවිකාවන් සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට විශේෂ දිනයක් ලෙස ජුලි 13 ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව එදින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට සිය තැපැල් ඡන්දය ජුලි 13 වනදා ලකුණු කළ හැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළා.

ඔහු මේ බව පැවසුවේ අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

23 Comments

Leave a Reply

Your email address will not be published.