ෂුක්රා දියණියට සංඝරත්නයේ ආශීර්වාදය

සුක්රා දියනියට ආදරයෙන් ලියමි…

ඔයාගේ සිරස ලක්ෂපති වැඩසටහන බලනකොට මගේ ඇස් දෙකෙන් ගොඩාක් කඳුලු ගලා ගියා.

මට මොහොතකටවත් ඔයාගෙ ජාතිය ආගම භාෂාව කුලය හෝ වෙන යමක් පිලිබඳ කිසිවක් හෝ දැනුනේ නැහැ දුවේ.
ඔයාගෙ හඬ තුල මට දැනුනේ ආදරයේ සහ මනුස්සත්වයේ සුවඳ විතරමයි.

මම ප්‍රාර්ථනා කරනව අනාගතයේදී දිනයක ඔයාගෙ පරම්පරාවේ මේ රටේ සිංහල දෙමල මුස්ලිම් සුජාත දූ දරුවෝ ඔවුන්ගේ රාජ්‍ය නායිකාව ඔයා බවට පත් කර ගනීවා කියල.

ඔයා ඒ තරම්ම විවෘත මනසක් ඇති නිර්භීත ලෙස අදහස් ප්‍රකාශ කරන සියලු ආගමික හරයන් අවබෝධ කර ගත් සහ ඒ හරයන් තම ජීවතයට එකතු කර ගත් දක්ෂ ලෙස සිංහල භාෂාව හසුරවන අතිශය මානවවාදි නව යෞවනියක ලෙසයි මා ඔබ දකින්නෙ.. ආදරණීය දුවේ..

ලෝකප්‍රකට මලාලා, වැනි වීර කාන්තාවන් ගිය අඩිපාරේ යමින් ඔබද ලංකාවේ අසාධාරණයට අයුක්තියට පීඩාවට ලක්ව ඇති සිංහල දෙමල මුස්ලිම් සියලුම කාන්තාවන් මෙන්ම දුප්පත් දුක් වදින සියලු ලාංකික ජනතාව එයින් මුදවා ගැනීමට නිර්භීත ලෙස ඉදිරිපත්ව කටයුතු කිරිම සඳහා ශක්තිය ධෛර්ය තුනුරුවන්ගේ ආශිර්වාදය අල්ලා දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා ආදරණීය දුවේ ඔයාට..!!

         " දේවාලේහිඳ අජිත හිමි.

116 Comments

1 Trackback / Pingback

  1. ෂුක්රා දියණියට සංඝරත්නයේ ආශීර්වාදය - TOPnews.LK

Leave a Reply

Your email address will not be published.