ලංකාව මුහුණු දී සිටින ‘ගෙවුම් ශේෂ අර්බුදයට‘ පෙනෙන තෙක් මානයක විසඳුමක් නැත.-හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්

අප මුහුණ දී සිටින්නේ රට තුළින් කළමනාකරණය කර ගත හැකි ‘රාජ්‍ය මුල්‍ය අර්බුදයකට නොව‘ (Fiscal Policy Crisis) ඩොලර් හා යුරෝ සමඟ බැඳුණු ‘ගෙවුම් ශේෂ අර්බුදයකට‘ (Balance of Payment Crisis) බව රජයේ ආර්ථික විශේෂඥයින් පිළිගන්නේ නැත. වීර කථා සහ ප්‍රාර්ථනා පමණක් රටක ‘ගෙවුම් ශේෂ අර්බුදයට‘ විසඳුම් නොගෙනෙන බව දැන් වත් අවබෝධ කර ගත යුතුව ඇතැයි කීර්ති තෙන්නකෝන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ඉදිරි මස 12 තුල, ඇමරිකානු ඩොලර් බිලියන 6 ක ණය හා ණය වාරික ගෙවීමට තිබේ. එයින් ඩොලර් බිලියන 4.5 ක් විදේශීය ණය වාරික සහ ඉතිරි ඩොලර් බිලියන 1.5 ක් දේශීය බැංකු වලින් ලබාගත් ඩොලර් ණය වේ. ඩොලර් සංචිත මගින් මෙම ගෙවීම් සිදු කළ යුතුය. වෙනත් වචනයෙන් කිව හොත්, මුදල් අච්චු ගැසීමෙන් මේ ඩොලර් හිඟයට විසඳුමක් ලැබෙන්නේ නැත.

පසුගිය මාසයේ මෙරට ඩොලර් සංචිතය බිලියන 6.5 ක් විය. ඩොලර් බිලියනයක ණය ගෙවා දැමීමත් සමඟ දැන් ඉතිරි ඩොලර් සංචිතය බිලියන 5.5 ක් පමණී.
ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ගෙවුම් ශේෂ අර්බුදය ‘ඩොලර් බිලියන 5.5 ක සංචිතයක් පවත්වා ගෙන යන රටටක්, ඩොලර් බිලියන 6 ක් ණය වාරික ගෙවන්නේ කෙසේ ද? සහ මුල්‍ය සංචිත වැඩි කර ගන්නේ කෙසේද? යන උගතෝකෝටිකය යි.

ආනයන පහත වැටීම – සංචාරක විදේශ සේවා ආදායම් අහිමිවීම
2020 ජනවාරි – ජූලි මාසවල වෙළෙඳ හිඟය ඇමරිකානු ඩොලර් මිලියන 3,470 කි. සෑම මාසයක ඩොලර් මිලියන 500 කට ආසන්න මුදල් අපනයන වලට වඩා ආනයන සඳහා වැය කිරීමට ශ්‍රී ලංකාවට සිදුවේ. 2020 ජූලි මාසයේ දී එය ඩොලර් මිලියන 300 කට සීමා වූවේ දැඩි ආනයන සීමාවන් පනවමින්, වාහන, අමතර කොටස්, ටයර්, අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනය පාලනය කිරීම නිසාය.
මේ වෙළෙඳ ශේෂය ම ඉදිරි මාස 12 ට කට පවත්වාගෙන ගියත් ඩොලර් බිලියන 4 ක් රටේ අත්‍යවශ්‍ය සැපයීම් පවත්වා ගැනීම සඳහා විදේශ විනිමය අවශ්‍ය ය.

ශ්‍රී ලංකාවට ඩොලර් සංචිත ඉහළ නංවා ගැනීමට තිබෙන විකල්පය ණය ලබා ගැනීම පමණී. ඩොලර් ලබා ගැනීමට රජය මේ වන විට උත්සහ දරමින් සිටින ආයතන/රාජ්‍ය හතරකි.
පළමුවැන්න, චීන සංවර්ධන බැංකුවය යි. පසුගිය පෙබරවාරි මස සිට ඇමරිකානු ඩොලර් මිලියන 700 ක ණයක් ලබා ගැනීමේ සාකච්ඡා සිදුවන නමුත්, එම උත්සාහය තවමත් සාර්ථක වී නැත.

දෙවැන්න, ඉන්දියාවෙන් ඇ.ඩො. බිලියනයකට ණය මුදලක් ලබා ගැනීම ය. දැනටමත් රජය ඉන්දියාවෙන් ඩොලර් මිලියන 400 ක ණයක් ලබා ගෙන ඇති අතර, එම ණය 2021 පෙබරවාරි ගෙවිය යුතුය. මේ මුදල් ලබා ගැනීමේ දී, එයට කාලය දීර්ඝ කිරීමක් සිදු වන්නේ ‘ජාත්‍යන්තර මුල්‍ය අරමුදල‘ මගින් ණය වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නේ නම් පමණී. අද වන විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ණය වැඩසටහනක් ක්‍රියාත්මක වන්නේ නැත. එයට හේතුව, මාස කිහිපයකට පෙර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම ලංකාව ප්‍රතිකේෂප කිරීමයි.

ණය ගෙවීම හා අලුතෙන් ණය ලබා ගැනීම පිළිබඳ ඉන්දීයාව සමඟ සාකච්ඡා තවමත් ධණාත්මක ප්‍රතිචාර ලැබි නැත. විශේෂයෙන්ම පළාත් සභා සම්බන්ධයෙන් වන රජයේ පාර්ශවයන් ගේ විරෝධය මේ සාකච්ඡා සඳහා සෘණාත්මක බලපෑමක් සිදු කරයි.

තෙවැන්න, ජපානයෙන් ලබා ගැනීමට ඉල්ලුම් කර ඇති ‘සමුරායි බොන්ඩ්‘ ඩොලර් මිලියන 500 ක ණය මුදලයි. ‘සමුරායි බොන්ඩ්‘ ජපන් බැංකුව (JBIC) හා බැඳී පවතී. සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (LRT)අතර මඟ නවතා දැමීමේ තීරණයත් සමඟ, ජපානය හා ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මේ වන විට පවතින්නේ යහපත් තත්වයක නොවේ. සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දැමීම නිසා ජපානයට කෝටි 361 ක් ගෙවිමට ද රජයට සිදුව තිබේ. ජපන් රජය හා මහ බැංකුවේ එකඟතාවයකින් තොරව ‘සමුරායි ඩොලර්‘ ලංකාවට පැමිණීමට ඉඩක් ඇත්තේම නැත. ඩොලර් අර්බුදයක් තිබිය දී, මෙවැනි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් නවතා දැමීම ම පුදුමයකි.

සිව්වැන්න, චිනයෙන් ‘පැන්ඩා බෝන්ඩ්‘ ලෙස ඩොලර් මිලියන 250 – 300 අතර මුදලක් ලබා ගැනිමය. එය බොහෝ විට චීන ලංකා දේශපාලන සබඳතා මත තීරණය විය හැකි ණය කි. නමුත්, ඩොලර් මිලියන 300 ක් යනු අද ලංකාවේ එක් මාසයක වෙළෙඳ ශේෂය යන්තමින් පියවෙන මුදලක් පමණී.

ගෙවුම් ශේෂ අර්බුදය හා රාජ්‍ය මුල විශේඥයින්ගේ ‘මැටි ආර්ථික මොඩලය‘ ගැටීම

ගෙවුම් ශේෂ අර්බුදයට ඇති එකම විසඳුම කෙටි, මධ්‍යම හා දිගු කාලීන වශයෙන් ඩොලර් උත්පාදනය කිරීමය. සංචාරක කර්මාන්තය බිඳ වැටී, මැණික් වෙළෙදාම අන්තයට පිරිහී, ඇති පරිසරයකට එයට කෙටි කාලීන විසඳුම් නැත. කොළඹ විදේශ රැකියා ඒජන්සි සියල්ලම පාහේ වසා දමා ඇත. ගෘහ සේවයෙන් තවදුරටත් අතිරේක විදේශ විනිමය පැමිණෙන්නේ නැත.
තවමත් කොස් පොළොස්, රට වටේට මාළු ඇති රටක සාගත තත්වයක් කලමනාකරණය කළ හැකිය. මැටි කර්මාන්තය වැනි 1970 දශකයේ ආර්ථික මොඩල ජන ආකර්ශය ඇතත් ‘ගෙවුම් ශේෂ අර්බුදයකට‘ උත්තරයක් වන්නේ නැත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වන ණය වැඩසටහනක දී රටේ ආදායම් ඉහළ නැංවීමට, වියදම් අවම කිරීමට එලදායී ප්‍රතිසංස්කරණ අනිවාර්ය අවශ්‍යථාවයකි. රාජ්‍ය සේවයට අසීමිත බඳවා ගැනීම් එය කිසි ලෙසකින් හෝ දිරිගන්වන්නේ නැත. රාජ්‍ය ප්‍රතිපත්තියේ දැවැත්ත වෙනසක් සිදු නොවේ නම්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ණය වැඩසටහනක් ඇරඹීම පහසු නැත.

ශ්‍රී ලංකාවට ඉදිරිව ඇත්තේ චීන ණය සහන ලබා ගැනීම පමණී. චීනය ණය, ඕනෑම මොහොතක සිදුවීම හෝ නොවීම සිදුවන්නේ නිශ්චිත තර්කයකට අනුව නොවේ. එහි ඇත්තේ දේශපාලනය හා චීනයේ ව්‍යාප්තවාදී න්‍යයා පත්‍රය යි. නමුත්, චීනය ආසියාවේ තම සමීපතම මිතුරා වන පාකිස්ථානය ට හෝ ගෙවුම් ශේෂ අර්බුදයයේ දී සහාය දුන්නේ නැත. චීනය ගැන විශ්වාස කළ පාකිස්ථානයට අවසානයේ දී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වැඩසටහනකට යන්නට සිදු විය. ලෝකයේ කිසිදු රටකට චිනය එලෙස ‘බේරා ගැනීම්‘ සිදු කර නැත. ලංකාව සම්බන්ධයෙන්, චීනයේ ප්‍රතිපත්තිය වෙනස් එකක් වේ දැයි තවමත් නිශ්චිත නැත.

ලංකාවේ ඇත්තේ ‘රාජ්‍ය මුදල් කළමනාකරණ‘ දුබලතවකට වඩා ‘ගෙවුම් ශේෂ අර්බුදය‘ කි. ණය මුදලකින් හැර වෙනත් ක්‍රමයකින් එය ඉදිරි මාස දෙක තුන තුල විසදෙන්නේ නැත. රටකට ණය ලබාගැනීමට නම්, එම ණය මුදල ආපසු ගෙවීමට ඇති හැකියාව පිළිබඳ ඇගයීමක් ඕනෑම ණය දෙන ආයතනයක් මගින් සිදු කරයි. ණය ආපසු ගෙවීම පිළිබඳ ජාත්‍යන්තරව පිළිගත් දර්ශක තුනකි. ඒ, Moody’s, Standard & Poor’s සහ Fitch ය.
මුලින්ම Fitch අනුව ලංකාව පහතට වැටුණේය. දෙවනුව, පසුගිය සතියේ Moody’s ශ්‍රේණිගත කිරීම් අනුව ලංකාව ස්ථාන දෙකකින් පහතට වැටී ඇත. Standard & Poor’s වාර්තාව ලබන මාසයේ නිකුත්වීමට නියමිතය.

Moody’s ශ්‍රේණිගත කිරීම් වාර්තාව නිකුත් වූ වහාම පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසීයේ දී, 97% ක් භාණ්ඩාගාර බිල්පත් අලෙවි වූ වේ නැත.

මේ ආර්ථික අර්බුදය විසඳීමට නම් ‘ගෙවුම් ශේෂ අර්බුදයට විසඳමක්‘ ලැබිය යුතුය. දැන් ප්‍රශ්ණය ඇත්තේ, ලංකාවට කවුද ණය දෙන්නේ යන්න බව හිටපු ආණ්ඩුකාර කිර්ති තෙන්නකෝන් මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

2020 ඔක්තෝබර් 5

හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්

82 Comments

1 Trackback / Pingback

  1. ලංකාව මුහුණු දී සිටින ‘ගෙවුම් ශේෂ අර්බුදයට‘ පෙනෙන තෙක් මානයක විසඳුමක් නැත.-හිටපු ආණ්ඩුකාර රජිත්

Leave a Reply

Your email address will not be published.