රාමාඤ්ඤ – අමරපුර නිකාය හිමිවරුන්ට, කතෝලිය රදගුරුතුමන්ලාට, ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයට ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඇති දැක්ම, අධිකරණයට ත්, පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලාටත් නැන්ද? – හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්

බෞද්ධ, කතෝලික, ක්‍රිස්තියානි ආගමික නායකයින්ට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඇති හැඟීම – දැක්මවත් මේ රටේ අධිකරණයට – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නැතිදැයි මට හිතෙනවා යැයි, හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

20 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇති බියකරු බව ‘රාමාඤ්ඤ – අමරපුර නිකාය හිමිවරුන්,  කතෝලිය රදගුරුතුමන්ලා සහ ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය පෙන්වා දී තිබෙනවා.  හැබැයි, මේ රටේ අධිකරණයට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ එවැනි පුළුල් දැක්මන් නැති දැයි මට හිතෙනවා.   ‘අන්තර් ජාලයේ හුවමාරුවන නඩු නින්දු ලියවිල්ල‘ කාගේ හෝ විහිළුවක් වේවා යැයි මම ප්‍රාර්ථනා කරනවා.

අධිකරණයේ නඩුවක් දැම්මාම, සමාජ මාධ්‍ය යෙන් නඩු තීන්දු කියවන්න ලැබෙනවා නම් ඒක ශිෂ්ඨ රටක් වෙන්නට බෑ. ඒක නායක හාමුදුරුවෝ කියන විදිහටම මිලේච්ඡ රටක් යැයි තෙන්නකෝන් මහතා පැවසීය.

නාරාහේන්පිට දී, සිවිල් ක්‍රියාකාරීන් ගේ හමුවක් අමතමින් තෙන්නකෝන් මහතා පැවසූවේ,  ‘‘සර්ව ආගමික නායකයින් 20 ව්‍යවස්ථා සංශෝධනය ගැන එළිපිටම සිය විරුද්ධත්වය ප්‍රකාශ කර තිබෙනවා.  මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කළ ඇල්ලේ ගුණවංශ, මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ විතරයක් නෙවෙයි තවත් බොහෝ ක්‍රියාකාරී භික්ෂූන්වහන්සේලා එයට විරෝධය පළ කරනවා.  20 හොඳයි කියන කිසිදු ආගමික නායකයෙකු මේ දක්වා කියනවා මට නම් ඇහිලා නෑ.   ආගමික නායකයින්, රටේ ජනතාවට අතිශයින්ම සමීපයි.  රට තුල 20 ගැන දැවැන්ත විරෝධයක් තිබෙනවා. අවසනාවකට කොරෝනා තත්වය නිසා එම විරෝධය එක් තැනකට ගොනු වන්නේ නෑ. 

රටක ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්නට නම් අධිකරණය තමන් වෙත පැවරුණු වගකීමත්, ව්‍යවස්ථාදායක තමන්ගේ වගකීමක් ඉටු කළ යුතුමයි.  ‘අන්තර් ජාලයේ නඩු තීන්දුව‘ අනුව නම්  20 මගින් අධිකරණයට හෝ ව්‍යවස්ථාදායකට සිදුවන විනාශය පිළිබඳ අවධානයක් යොමුවී ඇති බවක් පෙනෙන්නට නෑ.  මෙය අතිශයින්ම අවසනාවන්ත තත්වයක්. 
ආගමික නායකයින්ට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවහාරයන් පිළිබඳ තිබෙන හැඟිම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නැතිනම් ඔවුන් අනාගතයේ නෙවෙයි, දැනටමත් පඹයින් ගේ ගානට වැටිලා, සිග්නල් කණු වගේ වැඩ කරන්නට පටන් ගන්නවා යැයි ද කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.

ඉන්දු – ලංකා ගිවිසුමෙන් බිහිවුණු 13 වන ව්‍යවස්ථා සංශෝධනයට පසුව ව්‍යවස්ථා සංශෝධනයකට වැඩිම විරෝධය එල්ල වුණේ 20 සංශෝධනයටයි.  අපි දෙකුත් දෙනෙක් මුලින් කථා කළත්, අද රටම ඒ විරෝධයට එක් වෙලා තියෙනවා. ආණ්ඩු පක්ෂය විතරක් නෙවෙයි, ආගමික නායකයොත් විරෝධයේ පුරෝගාමීන් බවට පත්වී තිබෙනවා.

සෑම අයෙකුටම ඇති විය හැකි තත්වය පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබෙනවා.  බලයට ඇති කෑදරකම නිසා ‘විනාශය නොතකා සිටින පිරිසක්‘ විතරයි, 20 වන සංශෝධනයට පක්ෂව අද කටක් අරින්නේ. අද ආණ්ඩුවේ නියෝජිතයෝ පුවත්පත් සාකච්ඡාවකට එන්නේ නැතිව, හැංගෙනවා.
විමල්, ගෙවිඳු, විදුර විතරක් නෙවෙයි ඩලස්, දිනේෂ්, ගම්මන්පිල, වාසුදේවත් බැසිල් රාජපක්ෂට විරුද්ධව 20 සංශෝධනය පාව්චිචි කරනවා.  20 සම්මත වෙන්නට පෙරම, පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැන් කට අරිනේනේ බත් කන්න විතරයි. 20 සම්මත වුනොත්, බත් කන්න වෙන්නෙත් ‘නෙළුම් මාවතෙන් කියන විදිහට තමයි‘ යැයි ද තෙන්නකෝන් මහතා පැවසීය.

253 Comments

1 Trackback / Pingback

  1. රාමාඤ්ඤ – අමරපුර නිකාය හිමිවරුන්ට, කතෝලිය රදගුරුතුමන්ලාට, ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයට ප්‍රජාත

Leave a Reply

Your email address will not be published.