රාජපක්ෂලා දඩයම අරඹයි – මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග ද අල්විස් අත්අඩංගුවට

මෙරට ක්‍රියාකාරී, ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වන ඩෙස්මන් චතුරංග ද අල්විස් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇති ඔහු ශ්‍රීලංකා වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ලෙස ද කටයුතු කරනු ලැබුවා.

අධිකරණයට බලපෑම් වන අයුරින් කරුණු වාර්තා කිරීම යන චෝදනාව යටතේ ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

පසුගිය කාලයේ දිගින් දිගටම වර්තමාන රජයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවිතාවන් අභීතව විවේචනය කරමින් සිය හඬ සහ පෑන මෙහෙයවු මාධ්‍යවේදී චතුරංග ද අල්විස් මෙලෙස අත්අඩංගුවට ගැනීම රාජ්‍ය මර්ධනය නැවත වටයකින් ආරම්භ කිරීමක් බව මේ පිළිබඳව අදහස් දක්වන සිවිල් සංවිධාන නියෝජිතයින් පෙන්වා දෙනවා.

2009 – 2014 කාලයේ ද රාජපක්ෂ රෙජීමය විසින් මේ ආකරයටම මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගැනීම්, පැහැරගෙනයාම් සහ ඝාතනය කිරීම් සිදුකරන ලද අතර රාජපක්ෂ පවුල් වාදය විවේචනය කරන කා හටත් මර්ධනය සුලබ දෙයක් බවට පත්ව තිබිණ.

මේ එහි දෙවට වටයද යන ප්‍රබල සැකය මේ වනවිට මතුවෙමින් ඇත.

2019 ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව ද මේ ආකරයට වොයිස් ටියුබ් වෙබ් මාධ්‍යවේදිනී තුෂාරා රහස් පොලිසිය විසින් රැගෙන ගිය අතර පසුව එල්ලවු මහජන විරෝධය හමුවෙ ඇය නිදහස් කෙරිණ.

එමෙන්ම මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුම තර්ජන හමුවේ මේ වනවිට රට අතහැර ගොස් සිටින බව ද වාර්තා වේ.

158 Comments

  1. I was really itching to treat some wager some monied on some sports matches that are circumstance fitting now. I wanted to say you guys identify that I did find what I consider to be the best orientation in the USA.
    If you fall short of to pull down in on the spirit, verify it out of the closet: real money blackjack online

1 Trackback / Pingback

  1. රාජපක්ෂලා දඩයම අරඹයි – මාධ්‍යවේදී චතුරංග දිසානායක අත්අඩංගුවට - TOPnews.LK

Leave a Reply

Your email address will not be published.