මෙරට 13 වැනි කොවිඩ් – 19 මරණය වාර්තා වෙයි

බහරේන් සිට පැමිණ නිරෝධායන වෙමින් සිටි පුද්ගලයෙක් හලාවත රෝහලේ දී අද (14) මියගොස් තිබෙනවා.

ඔහුව පසුගිය 09 වනදා හලාවත රෝහලට ඇතුළත් කර තිබේ.

වසංගත රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේ එම පුද්ගලයා කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස තහවුරු වූ බවයි.

සෞඛ්‍ය අංශ පැවසුවේ ඔහු 60 හැවිරිදි පුද්ගලයෙක් බවත් පසුගිය 02 වැනිදා මෙරටට පැමිණ ඇති බවය.

ඔහු නාවිකයෙකු වශයෙන් සේවය කළ අයෙකි.

එම පුද්ගලයා නුගේගොඩ පදිංචිකරුවෙකු වන අතර එම මරණයට ආසන්තම හේතුව වශයෙන් දැක්වෙන්නේ හෘදයාබාධයකි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙය ශ්‍රී ලංකාවේ වාර්තා වූ 13 වන කොව්ඩ් මරණය බවය.

214 Comments

1 Trackback / Pingback

  1. මෙරට 13 වැනි කොවිඩ් – 19 මරණය වාර්තා වෙයි - TOPnews.LK

Leave a Reply

Your email address will not be published.