
පැවැත්වීම සඳහා දින නියම කර ඇති පාර්ලිමේන්තු මහ මැතිවරණය වහාම කල් දමන ලෙස ඉල්ලමින් සමගි ජනබලවේග මහ මැතිවරණ අපේක්ෂකයකු මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා.
මෙසේ උපවාසයක් ආරම්භ කර ඇත්තේ එම පක්ෂයෙන් මොනරාගල දිස්ත්‍රික්කය සඳහා තරඟ වැදීමට නාමයෝජනා භාරදී ඇති ඉන්දික විජයබණ්ඩාර අත්තනායකයි.
මොණරාගල නගරයේ ඔරලෝසු කණුව පාමුල මාරාන්තික උපාසයේ ඔහු යෙදී සිටියි.
කොරෝනා පැතිරීම හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින සෑම දිළිඳු පවුලකටම මාසිකව රුපියල් 20,000ක් ලබාදීම, පාසල් හා විශ්වවිද්‍යාලය විවෘත කිරීම කොරෝනා වසංගතය සම්පූර්ණයෙන්ම අවසන් යැයි වෛද්‍යවරුන් විසින් ලිඛිත නිර්දේශයක් ලබාදෙන තුරු අත්හිටුවීම, ගොවීන්ට අවශ්‍ය බීජ පොහොර කෘමි නාශක ඇතුළු සියලු දේ නොමිලේ ලබාදීම ඔහුගේ සෙසු ඉල්ලීම් වනවා.
මෙම ඉල්ලීම් ඉටු කරන බවට රජයේ වගකිව යුත්තෙකු පොරොන්දු වන තුරු උපවාසය අත්නොහරින බව ඔහු සඳහන් කරනවා.
මෙම මාරාන්තික උපවාසයේ යෙදෙන පුද්ගලයා මාරාන්තික කොරෝනා වෛරසයෙන් ආරක්ෂාව සඳහා මුඛ ආවරණයක්ද පැලද සිටිනවා.
I have used it for about six months. It’s nice. I like it very much.