නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 124 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට

නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 124 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසනවා.

එහිදී වාහන 37ක් ද සිය භාරයට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කියා සිටියා.

ගම්පහ පොලිස් බල ප්‍රදේශ 18කට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වනවා.

මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල අද (13) සිට දින තුනක කාලයක් සියලු වෙළෙඳසැල් හා ‍ඖෂධ සැල් වසා දැමීමට තීරණය කර ඇති බවයි පොලීසිය පවසන්නේ

88 Comments

Leave a Reply

Your email address will not be published.