දේශීය ව්‍යවසායකත්වයෙන් මඳක් ඔබ්බට ගිය මාගේ අද කතාව, හැදෙන පරපුරේ දුවා දරුවන්ටය.

තරුණයෙකු ලෙස එවක මා මුළින්ම රැකියාවක් කළේ ගරාජයකය. ඒ, රුපියල් පහක දවසේ වැටුපටය. එයිනුත් රුපියල් තුනක් කැපුණේ ආයතනය විසින් ලබා දුන් ආහාර වේල් සඳහාය. ඉතිරි රුපියල් දෙකෙන් සත පනහක් වියදම් කර කොත්තුවක් කා, තවත් සත පනස් පහකින් ගැලරියේ ඇති චිත්‍රපටයක් බලා, ඉතිරි වන මුදලෙන් බීඩි සිගරට් ගත් පසු එයද අවසාන වූයේ මටත් නොදැනීමය.

තවද ජීවත් වීම සඳහා ගරාජයේම ලොරි ක්ලීනර් කෙනෙකු වශයෙන් සේවය කර, අතේ කරගැට එනතුරු එම ගරාජයේම පම්පර් කෙනෙකු වශයෙන් ද දුක් මහන්සියෙන් රාජකාරි කළේ ජීවිතය කෙසේ හෝ ජයගන්නා බවට ඇති කරගත් අධිෂ්ඨානයද පෙරදැරි කරගෙනය.

අද වනවිට ඩඩ්ලි සිරිසේන නැමති මහා පරිමාණ ව්‍යාපාරිකයාගේ නිවසේ ඇති ආහාර මේසය මත නානප්‍රකාර මාදිලියේ කෑම සහ රස මසවුල් තිබුණද, එවකට බත් සමඟ මාලු කැබැල්ලක් කන්නට ලැබුණේ සෑම මසකම විසිවන දිනටය. ඒ අන් කවරක්වත් නිසා නොව, අම්මාගේ පඩි දවසය.

ඒ හැරුණුකොට සෑම මසකම අවසන් දවසට බිත්තර ගෙඩියක් හෝ බිත්තර බාගයක් පිඟානට වැටුණේ අපේ සහෝදර සහෝදරියන්ගේ මුහුණු වලට සිනහව ගෙනදෙමින්ය. අන් සෑම දිනකම අප ආහාරයට ගත්තේ පිච්චූ රොටි සමඟ ලුණු මිරිස්ය. ඩඩ්ලි සිරිසේනලා එදා ගෙවූයේ එවැනි කටුක ජීවිතයක්ය. එහෙත්, දුප්පත්කම පරදවා අපේ ආත්ම ශක්තිය විසින් අපව වෙනස්ම මානයකට ගෙන ගියේ කිසිදිනකවත් නොසිතූ ලෙසින්ය.

අවසානයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක් වූ මා ගුවන් භටයෙකු ලෙස ලද පන්නරය මත වඩාත් විනයානුකූලව මාගේ ජීවිතය හැඩගස්වා ගත්තේය. වසර ගණනාවක් සෙබලෙකු වශයෙන් රාජකාරී කර, ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගත් පසු ලොරියක් කුළී පදනම මත මිලට ගෙන, කුඹුරුක් කුඹුරක් පාසා ගොස් වැඩි මිලක් දී වී මිලට ගෙන ආරම්භ කරන ලද මේ ව්‍යාපාරය, වී මෝලක් දක්වා ව්‍යාප්ත කළේ එවකට මා වෙත ලංකා බැංකුවෙන් ලබා දුන් ලක්ෂ අටක ණය මුදලෙන්ය.

ඉන් සතයක්වත් අපතේ නොයවා, සම්පූර්ණ මුදල ව්‍යාපාරය මත ආයෝජනය කරමින් අද වනවිට ලෝකයේ ව්ශාලතම වී මෝලේ හිමිකාරිත්වයට මා පත්වූයේ අන් කවරක්වත් නිසා නොව මා සතුව තිබූ අධිෂ්ඨානශීලිබව නිසාය.

එහෙයින්, අනුන්ගේ ඕපාදූප මතින් ජීවිතය ගැටගසාගන්නා වෙබ් පඩංගුකාරයන් හෝ අකලට පැසුණු ෆේස්බුක් වීරයන් කියනා පරිදී ඩඩ්ලි සිරිසේන වැනි ව්‍යාපාරිකයන් එක්වරම අහස් දියෙන් පෝෂණය වූයේ නැත. රැල්ලට ගොස් අකාලයේ ව්‍යාපාර පවා බංකොලොත් වූ පුද්ගලයන් දෙස බලමින්, එම අඩුපාඩු හැකිතාක් මඟහැරෙන සේ ව්‍යාපාර මෙහෙයවූ මා අද වන විට මේ රට තුළ සෘජු හා වක්‍ර රැකියා ලක්ෂයක් පමණ නිර්මාණය කර ඇත්තේ මා සතුව ඇති දේශීයත්වයේ අංකුර නිසාය.

අවසාන වශයෙන්, මා විසින් මේ මහපොළව මත තැන්පත් කර ඇති දේපළ සහ ආයතන කිසිවක් මා මියයන මොහොතේදී අරගෙන යන්නේ නැත. මන්දයත්, මේවායේ සැබෑ හිමිකරුවන් ඔබ වන නිසාය. මේවායේ සාර්ථකත්වය හරහා, ප්‍රථිලාභ විඳින්නේ රටේ ජීවත් වන දුප්පත් අහිංසක ජනතාවය. බිංදුවේ සිට ඉහළට ආ දේශීය ව්‍යවසායකයෙකු වශයෙන් මා ලබන ලාභයෙන් රුපියලක් හෝ විදෙස් රටක ආයෝජනය නොකරන්නේ ඒ නිසාය. මන්ද දේශීයත්වය යනු මාගේ ව්‍යාපාර ප්‍රතිපත්තියය.

එහෙයින්, කුඩා වපසරියක සිට පටන් ගත් මාගේ ව්‍යාපාර ජාලය දෙස බලමින් ඔබේ අධිෂ්ඨානයද , සිහිනයද යම් දිනෙක යථාර්ථයක් කරගත යුතුමය. ලංකාව එතෙක් මෙතෙක් බිහිකළ අංක එකේ දේශීය ව්‍යවසායකයකයා වන මාගේ එකම ප්‍රාර්ථනයද එයමය.

ඩඩ්ලි සිරිසේන.

144 Comments

  1. гидра сайт hydra all xyz – идеальная организация для подпольных покупок, где возможно приобрести все что заблагорассудится. Чтобы приобщиться с ассортиментом магазина, достаточно выполнить авторизацию в Гидра анион.

Leave a Reply

Your email address will not be published.