දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට මිලිමීටර 150ට වැඩි තද වර්ෂාපතනයක්

අද (06) දිනයේ දී දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට මිලිමීටර 150ට වැඩි තද වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝමීටර 50 ත් 60 ත් දක්වා තරමක තද සුළං අපේක්ෂා කරන බවයි කාළගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

කෙසේ පවතින වැසි තත්වයේ අඩුවීමක් හෙට දිනයේ දී අපේක්ෂා කරන බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දිවයින වටා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 70 දක්වා ඉහල යාමට ඇති අවදානම හේතුවෙන් හෙට මධ්‍යහ්න දක්වා ධීවර කටයුතු සඳහා පිටත්වයාමෙන් වළකින ලෙස ධීවර දෙපාර්තමේන්තුව ද අද දැනුම් දුන්නා.

187 Comments

Leave a Reply

Your email address will not be published.