කට කහනවට කියන කතා – ජනතාවට භය නැති රාජපක්ෂ

අද ශ්‍රි ලාංකේය දේශපාලනයේ වදගත්ම දවසක්. ඇත්තටම අපි විපක්‍ශය විදියට 2010 සිට 2015 දක්වා සටන් කරද්දි අපි දැකපු නරකම මිනිහා තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඒ අමු අමුවේම ප්‍රජාතන්ත්‍රිය මුලදර්ම කිසිම හිරිකිතයකින් තොරව කෙලසපු නිසා. ඒ කාලේ මේවා ගැන කතා කරන්නත් හිටියේ බොහෝම සුළු පිරිසයි. ඒ අතරින් සටන් කරන්න හිටියේ අතේ ඇඟිලි ගානටත් අඩු ගනනක්. නමුත් මට දැන් දැනේන දේ….අපි අද ඉන්නේ එදාට වඩා බොහොම භයානක තැනක. මහින්ද මහත්තයාට 2010 දී මමත් තරඟ කරන ලද මහමැතිවරනයෙන් 2/3 බහුතරයක් ලැබුනේ නෑ. පසු කලකදී ඔහු විපක්ශයේ මනිත්‍රින් පිරිසක්ද එක් කරගනිමින් කෘතිම 2/3 සාදා ගනු ලැබූවා. නමුත් අද තත්වය ඉට බොහෝ වෙනස්. අද බහුතර කැමෙත්තෙන්ම 2/3 රජපක්ෂ මහතාට ලැබී තිබෙනවා.මට දැනෙන හැටියට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවට බය නෑ. දේශපාලනයේ ජනතාවගේ පැත්තෙන් විය හැකි විශාලම ව්‍යසනය එයයි. එදා මෙදා තුර ජනතා ජන්දයෙන් පත්වු ඕනැම ජනතා නියොජිතයෙක් ජනතවට බයයි. එය එසේ විය යුතුයි. මොකද ඔබත් මමත් ජන්දය දී කෙනෙකු සභාවකට පත්කල යැවූ පසු ඔහු අපට වග කියන බවට අපට ඇති එකම සාදකය එයයි. දන් එය වෙනස් වී ඇති සෙයක් මට පෙනේ. මේ රාජපක්ෂ ජනාවට බය නැත. ඔහු තමා ජනපති වන විට තමාගේ ප්‍රධාන තේමා පාඨයක් වු ගස්වැල් පරිසරය රැකීම විහිළුවකට දැන් ගෙන ඇත. කොටින්ම ඔහුම ට්‍රැක් බොටමක් ඇඳගෙන සිංහරාජයට ගොස් ඒ මැද්දෙන් කපන පාර ඉක්මන්ම කරන ලෙස උපදෙස් දුන්නේය. ඉන් පසු පොලීමෙ මුලින්ම මහ සඟරැවන එයට ඔහුට ආශිර්වාද කලේය. ඉන් පසු පාර්ලිමේන්තුවට “ස” වෙනුවෙන් පැමිණි මැති ඇමති වරැ ඒවා ඉටත් එහා ගෙනගොස් සාධාරණී කරනය කරන ලදී. රට වටෙන්ම වනාන්තර එලිවෙද්දී ඔහු එය නෑසූ කන්වම සිටියේය.අද ඔහු එයටත් එහා ගිය ඓතිහාසික පියවරක් තබමින් ඔහුට ජන්දය දුන් ඔබත් ඔහුට ජන්දය නොදුන් මමත් ඔහුට එක සතයක වටිනාකමක් නැති බව පෙන්වූයේය.අද ඔහු වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමය ඇති ලංකාවේ හෝ ලොකයේ මොනයම් රටකවත් සිදූ නොවූ අයුරින් මිණී මැරැම් නඩුවකින් වැරදිකරැවෙකුව බන්දනාගාර ගතවු රැඳවියෙකු අද පාර්ලිමේතුවට ගෙනවිත් දිවුරැම් දෙවා මත්ත්‍රි ආසනයක හිඳවන ලදී. මේ කුළු ගෙඩි පහර එල්ල කරනු ලැබුයේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයටයි. පාර්ලිමේන්තුව යනු ඔබ,මම, අපි වෙනුවෙන් නීති සම්පාදනය කරන තැනයි. දැන් ඔතනින් එමාට එතනිනි අපිට එන නීති ගැන විශ්වාෂය තැබිය හැකිද…???

මේ රටේ සුවහසක් මිනිසුන් 2/3 බහුතර බලයක් ලබා දුන්නේ මේ දෙයට නොවන බවනම් ඉතාම පැහැදිලිය. ඒ බලය වෙනුවෙන් ජන්දය ලබාදුන් සැවොම ගරැ. ප්‍රේමලාල් ජයසේකර මැතිතුමගේ දිවුරැම් දිම ගැන ඔවුන්ගේ හෘද ශාක්ෂියෙන් අනිවාර්යෙන් හඬා වැටෙනවා ඇත.මේ පාදඩ කරනය තවත් තිව්‍ර කරන 20 වෙනි සංශෝදනයද ජනතාවට භය නැතිවම රාපක්ශ මහතා පාර්ලිමේන්තුවට නුදුරැ දිනකදීම ඉදිරිපත් කරනු ඇත. ඒත් එක්කම මට ඔබට අපේ ජන්දයෙන් මේ පත්වන නියොජිතයන් අපි වෙනුවෙන් පෙණි සිටිනු ඇතැයි ඇති අවසන් බලා පොරොත්තුවද ගිලිහී යනු ඇත.20 වෙනි සංශෝදනයත් එක්ක අපේ මව් බිම හිසක් නැති රාජ්‍යයක් බවට පත් කරලීමේ පිඹුරැපත් දැනටමත් සකසා අවසන්. “හිසක් නැති” යනුවෙන් මා අදහස් කලේ ….මින් පසු මේ රාජ්‍ය ඔබේ මගේ අයිතින් වෙනුවෙන් පෙණි නොසිටිනු ඇත….. මින් පසු මේ රාජ්‍ය ඔබේ මගේ නිදහස වෙනුවෙන් පෙණි නොසිටිනු ඇත…..මින් පසු මේ රාජ්‍ය ඔබේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙණි නොසිටිනු ඇත…..මින් මේ රාජයේ තීරණ ඔබ වෙනුවෙන් නොගැනෙනු ඇත…..කොටින්ම 20න් පසු මේ රාජ්‍ය ජනතාව වෙනුවෙන් කිසිවක් නොකරනු ඇත…..සමඟි ජන බලවේගය ප්‍රමුඛ සයලුම විපක්ෂීය තරැනයන්ගේ හද ගැස්ම මේ පාදඩ ක්‍රමයට එරෙහි විය යුත්තේය. මේ බිහිවන්නේ ජනතාවට භය නැති පාදඩ පාලනයකි. එයට එරෙහි විමට ඔබේ යුතුමක් වනනේය. එය කිසිසේත්ම පහසු මාවතකින් ගලා නොයනු ඇති……එන්න අපි අපි වෙනුවෙන් පෙනීසිටිමු……

නාමල් විජයමුණි සොයිසා.

සමගි තරුණ බලවේගය.

553 Comments10 SharesLikeCommentShare

Comments

180 Comments

  1. I was really itching to get some wager some well-to-do on some sports matches that are episode auspicious now. I wanted to let you guys be familiar with that I did twig what I weigh to be the trounce site in the USA.
    If you destitution to pull down in on the exertion, check it out: play gambling online

1 Trackback / Pingback

  1. කට කහනවට කියන කතා – ජනතාවට භය නැති රාජපක්ෂ - TOPnews.LK

Leave a Reply

Your email address will not be published.